මෙම වසර අවසන් වන විට රුසියාවේ ආර්ථිකය 15%කින් බිඳ වැටීමේ අවදානමක් පවතින බව ලෝක ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කරනවා. ඉදිරි වසරේදී එරට ආර්ථිකය තවත් 3%කින් පහත වැටෙනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
යුක්රේනයේ යුද ගැටුම් නිසා පැන වූ සම්බාධක හේතුවෙන් රුසියාවේ ආර්ථිකය ඉදිරි කාලයේදී බරපතළ කඩා වැටීමකට ලක් විය හැකි බව ආර්ථික විශේෂඥයන් පවසනවා. මේ වනවිටත් ජාත්‍යන්තර සමාගම් රුසියාවෙන් වේගයෙන් ඉවත් වෙමින් සිටින බවයි වාර්තා වන්නේ. රුසියාවේ අපනයන විශාල වශයෙන් පහත වැටීම නිසා එරට ආර්ථිකය මෙන්ම සමස්ත ලෝක ආර්ථිකයද පහත වැටීමේ අවදානමක් මතුව තිබෙනවා. යුක්රේන යුද ගැටුම් නිසා යුක්රේනයේ වරාය රැසක ධාන්‍ය වර්ග විශාල තොග අපනයනය කිරීමට නොහැකිව සිර වී තිබෙනවා. මේ හේතුවෙන් අප්‍රීකාව, ආසියාව ඇතුළු දිළිදු රටවල් සහිත කලාප බරපතල ගැටලුවකට මුහුණ පාන බවයි ආර්ථික විශේෂඥයන් පවසන්නේ. යුක්රේනයේ සෙවරොඩොනෙට්ස් හි මේ වන විට දරුණු යුද ගැටුම් පවතිනවා. මෙම යුද්ධය ජයග්‍රහණය කිරීම අනුව නැගෙනහිර ප්‍රදේශවල බලය හිමිවන්නේ කාටද යන්න තීරණය වනවා. යුක්රේන යුද ගැටුම් ඇතිවීමෙන් පසු මේ වනවිට සාමාන්‍ය වැසියන් හාරදහස් දෙසිය පනස් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පන්දහස් එකසිය හතළිස් එක් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
The post මෙම වසර අවසන් වන විට රුසියාවේ ආර්ථිකය 15%කින් බිඳ වැටීමේ අවදානමක් appeared first on ITN News.
Post a Comment