ඇමරිකාවේ ඔක්ලෝහෝමා ප්රාන්තයේ රෝහලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
තුවක්කුවක් අතැතිව රෝහලට කඩා වැදුණු පුද්ගලයෙකු මෙලෙස වෙඩි තබා ඇති බවයි ඇමරිකා වාර්තා සඳහන් කරන්නේ.
වෙඩි තැබීමෙන් පසු එම පුද්ගලයා ද වෙඩි තබාගෙන මියගොස් තිබෙනවා. ඇමරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ පාසලක මෙවැනිම වෙඩි තැබීමක් සිදු වී සතියක කාලයක් ගත වීමටත් පෙර රෝහලේ මෙම වෙඩි තැබීම සිදු වුණා. පාසලේ සිදු වූ වෙඩි තැබීමෙන් සිසුන් ඇතුළු 21 දෙනෙකු මිය ගියා. ඇමරීකාවේ ගිනි අවි භාවිතය පිළිබද නීති දැඩි කල යුතු බවට මේ වන විට මතයක් ගොඩනැගෙමින් පවතිනවා. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් හේතුවෙන් ගිනි අවි භාවිතයට දැඩි නීති පැනවිය යුතු බවයි විචාරකයන් පවසන්නේ.
The post ඇමරිකාවේ ඔක්ලෝහෝමා ප්රාන්තයේ රෝහලක සිදු වූ වෙඩි තැබීමකින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment