අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජුනි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද සියයට 8 සිට සියයට 12 දක්වා වැඩිකරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
2022 දී සහ ඉදිරියේ දී ආදායම් වැඩිකර ගැනීම සහ ශක්තිමත් රාජ්‍ය මූල්‍ය ඒකාග්රතාවයක් ඇතිකර ගැනීම සදහා බදු ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදුකළ යුතු බවට අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබුණා. ඒ අනුව අද සිට මෙම වැට් බදු ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.
2019 වසරේ අග භාගයේ දී ශ්‍රී ලංකාවට ලිහිල් බදු ක්‍රම වේදයක් හදුන්වාදීමට කටයුතු කර තිබුණා. ඒ හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 600 ත් 800 ත් අතර ප්‍රමාණයක් බදු ආදායමක් රටට අහිමි වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැහැදිලි කර දී තිබුණේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා මෙම බදු සංශෝධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒවා පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව ගැසට් නිවේදනයක් නිකුත්කර කඩිනමින් ක්‍රියාවට නැංවීමට යෝජනා කර තිබුණා.
මෙමගින් 2022 වසර සදහා ඇස්තමේන්තු කර ඇති අමතර ආදායම රුපියල් බිලියන 91 ක්. ඒ අනුව වසරකට ඇස්තමේන්තුගත අමතර ආදායම රුපියල් බිලියන 156 ක් බවයි අදාළ සංශෝධන මගින් පෙන්වා දී තිබෙන්නේ.
එමෙන්ම ඉදිරියේ දී තවත් බදු සංශෝධන රැසක් මේ වසර තුළදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
The post වැට් බද්ද ඉහළ දැමීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ appeared first on ITN News.
Post a Comment