Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේපළ හා ජීවිත හානි පිළිබඳ විමර්ශනයට ජනපතිගෙන් කොමිෂන් සභාවක්  

Add comments

ගිනි තැබීම්, කොල්ලකෑම් පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ සිදු වූ දේපල හා ජීවිත හානි පිළිබද විමර්ශනයට ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා.

පසුගිය මාර්තු 31 වනදා සිට මැයි 15 වනදා දක්වා කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ දේපල හා ජීවිත හානි පිළිබද විමර්ශනය කර වාර්තා කිරීම සදහා මෙම පරික්ෂණ කොමිෂන් සභාව පත් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසිනුයි.

එහි සභාපතිත්තවය දරන්නේ ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ මහතායි. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ, අතිරේක ප්‍රධාන තක්සේරුකරු එන්.ඒ.එස් වසන්ත කුමාර යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයන් වනවා.

කොමිසන් සභාවේ ලේකම් ධුරයට පත් කර ඇත්තේ ජනාධිපති අතිරේක ලේකම් බුවනෙක හේරත් මහතායි. කොමිෂන් සභාවේ සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා  අතින් සිදු  වුණා.

 

 

The post දේපළ හා ජීවිත හානි පිළිබඳ විමර්ශනයට ජනපතිගෙන් කොමිෂන් සභාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG