කැබිලිත්ත රක්ෂිතයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට කටයුතු කරන පුද්ගලයින් හා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට තීරණය කර තිබෙනවා.
කැබිලිත්ත රක්ෂිත වනාන්තරයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට මොණරාගල ප්‍රදේශයේ ඇතැම් පුද්ගලයින් උත්සාහ දරන බවට තොරතුරු වාර්තා වී තිබුණා. මේ පිළිබද විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ පිළිබද දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලීමටයි කටයුතු කෙරුණේ. වගා කටයුතු සදහා කැබිලිත්ත රක්ෂිතයෙන් පිටත අක්කර විසිපන්දහසක් ලබා දී ඇතත් එම පුද්ගලයින් අදාළ ඉඩම්වල වගා කටයුතු සිදු නොකර රක්ෂිත ඉඩම් අත්පත් කර ගැනීමට උත්සාහ දරන බවයි නිලධාරින් පෙන්වා දුන්නේ. රක්ෂිත ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කවුරුන් හෝ උත්සාහ දරන්නේ නම් ඔවුන් වහා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා මොණරාගල නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන්නා.
The post කැබිලිත්ත රක්ෂිත ඉඩම් ජාවාරම්කරුවන් හා පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පියවර appeared first on ITN News.
Post a Comment