අද දින සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පසුගිය දිනවල පැමිණි මගීන් සදහා ද අතිරේක දුම්රිය යෙදවූ බවත් කාර්යාල දුම්රිය සියල්ලම ධාවනය කිරීමට සැළසුම් කර ඇති බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පවසනවා.
මීට අමතරව අද දිනයේ දී විශේෂ කාර්යාල දුම්රියක්, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ උපදෙස් පරිදි කංකසන්තුරේ සිට කිලිනොච්චිය දක්වා ධාවනය කරවීමට නියමිතව තිබුණා.
මේ අතර අද දිනයේ දී සාමාන්‍ය පරිදි බස් ධාවනය සිදුවන බවට අදාළ අංශ ප්‍රකාශකර තිබුණත් අද උදෑසන මගීන් විශාල පිරිසක් බස් නැවතුම්පල අසල රැදී සිටිනු දක්නට ලැබුණා. මාර්ග ද ඉතා පාළු ස්වභාවයකුයි අද උදෑසන දක්නට ලැබුණේ.
The post අද සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි appeared first on ITN News.
Post a Comment