ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීන් 40 දෙනෙකු ගමන් කර ඇති බවයි බලධාරීන් සදහන් කරන්නේ.
පවුරි ගාර්වාල් දිස්ත්‍රික්කයේ කදුකර ප්‍රදේශයක මාර්ගයක ගමන් කළ බස් රථය ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුව තිබෙනවා.
තුවාල ලාබූ පුද්ගලයින් ආරක්ෂිතව බේරාගෙන රෝහල්ගතකිරීමට පියවර ගෙන ඇති බවද සදහන්. මංගල උත්සවයකට සහභාගී වූ පිරිසක් නැවත පැමිණෙමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
මාර්ග අනතුරු බහුලව සිදුවන රටක් ලෙස ඉන්දියාව දැක්විය හැකි අතර වසරකට රිය අනතුරු හේතුවෙන් එරට පුද්ගලයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මිය යනවා.
The post ඉන්දියාවේ බස් රථ අනතුරකින් 25 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment