Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිවසක් තුළ කැනීම් කරමින් සිටි දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට  

Add comments

නීති විරෝධී ලෙස පුරාවිද්‍යා වටිනාකමක් ඇති භාණ්ඩ ලබාගැනීමේ අරමුණින් නිවසක් තුළ කැනීම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.

විශේෂ කාර්ය බලකායේ අරලගන්විල කදවුරේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පොලොන්නරුව අරුණසිරි නිවස පරාක්‍රම සමුද්‍රය යන ප්‍රදේශයේ නිවසක් තුළ මෙම කැනීම් කටයුතු සිදු කර තිබෙනවා.

අවුරුදු 20 ත් 48 ත් යන වයස් කාණ්ඩවල පසුවන දෙදෙනෙකු මෙම කැනීම් කටයුතු සිදු කළා. ඔවුන් පරාක්‍රම සමුද්‍රය හා මාවනැල්ල  යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරන්නේ.නිධන් හෑරීම සදහා යොදාගත් උපකරණ කිහිපයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

The post නිවසක් තුළ කැනීම් කරමින් සිටි දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG