සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විවිධ රටවල වෙසෙන පුද්ගලයන් ලක්ෂ පහකට හොංකොං වෙත ඇතුළුවීම සදහා නොමිලේ ගුවන් ටිකට්පත් ලබා දීමට එරට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
ඇමෙරිකා ඩොලර් මිලියන 254 යි දශම අටක වටිනාකමකින් යුතු ගුවන් ටිකට්පත් මෙලෙස ලබාදීමට නියමිතයි. කෝවිඩ් වසංගතය හේතුවෙන් හොංකොං හි සංචාරක කර්මාන්තය බිද වැටීමත් සමග එය නැවත නගාසිටුවීමේ අරමුණින් නොමිලේ ගුවන් ටිකට්පත් ලබාදීමට පාලනාධිකාරිය තීරණය කළා.
කෙසේ වෙතත් ඇතැම් ගුවන් සමාගම් තවමත් හොංකොං වෙත සේවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. මෙම තත්ත්වය යථා තත්ත්වයට පත් කර ගැනීමට හොංකොං බලධාරීන් අපේක්ෂා කරනවා. නොමිලේ ගුවන් ටිකට්පත් ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
The post හොංකොං යන්න නොමිලේ ගුවන් ටිකට්පත් appeared first on ITN News.
Post a Comment