Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගජමුතු සැමඟ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට  

Add comments

ගජමුතු සැමඟ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මාතලේ ප්‍රදේශයේ දී.

මාතලේ අලුවිහාර ක්‍රීඩාංගනය අසල දී ගජමුතු විකිණීම සදහා පිරිසක් පැමිණ ඇති බවට මාතලේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව සිදුකළ වැටලීමේදීයි සැකකරුවන් පස් දෙනෙකු සමඟ ගජමුතු  අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ. සැකකරුවන් වැලිමඩ හා ගම්පොල ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අද දින මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර පුරාවස්තු ලබාගැනීමේ අරමුණෙන් කැනීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිරිපුර රත්මල්කණ්ඩිය ප්‍රදේශයේදීයි. ඔවුන් ළඟ තිබී විදුලි ජනන යන්ත්‍රයක්,  වතුර මෝටරයක්,  කැනීම් උපකරණ සහ පූජා භාණ්ඩ ද පොලීසිය භාරයට ගැණුනා. සැකකරුවන් අද දින දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

 

 

The post ගජමුතු සැමඟ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG