Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවෙන් ප්‍රබල මට්ටමේ මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බව යුක්‍රේනය කියයි  

Add comments

රුසියාවෙන් තමන්ට ප්‍රබල මට්ටමේ මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බව යුක්‍රේනය පවසනවා.

යුක්‍රේනය මෙලෙස රුසියාවේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ යුක්‍රේන ජනාධිපතිවරයා යුරෝපා සංචාරයට රටින් පිටව දවසක් ගතවීමෙන් පසුයි. යුක්‍රේනය පවසන්නේ තමන්හට ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා 7 කින් ද ප්‍රහාර එල්ල වූ බවයි.රුසියාවෙන් කලු මුහුදේ සිට තම රටට මිසයිල ප්‍රහාර රැසක් එල්ල වූ බවද යුක්‍රේනය සඳහන් කරනවා. විශේෂයෙන්ම යුක්‍රේනයේ කර්කිවු සහ සපොරිෂිෂා නගර ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාර එල්ල වූ බව වාර්තා වනවා. යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි යුරෝපයේ සංචාරයට ගොස් ඇත්තේ යුද්ධය සඳහා අවශ්‍ය අවි ආයුධ ඇතුළු සම්පත් ලබාගැනීමේ අරමුණින්.

 

 

The post රුසියාවෙන් ප්‍රබල මට්ටමේ මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බව යුක්‍රේනය කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG