යුරෝපා සංගමයේ නායකයන් යුක්රේනය වෙත පැමිණ තිබෙනවා.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි හමුවීමට යුරෝපා සංගමයේ ප්රධානී උර්සුලා වොන්ඩර් ලියෑන් මහත්මිය ඇතුළු කණ්ඩායමක් පැමිණ තිබෙනවා.මෙහිදී රුසියාවට විරුද්ධව තවදුරටත් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදු වන බවයි වාර්තා වන්නේ.යුක්රේනය යුරෝපා සංගමයට බැදීමට යොමු කළ ඉල්ලීම සම්බන්ධයෙන් ද සළකා බලනු ඇති බවයි සඳහන් වන්නේ. යුක්රේන නායකයා ඊයේ දිනයේදී සිය ජනතාව අමතමින් කියා සිටියේ රුසියාවට එරෙහි සටනේදී තමන්හට බලවත් යුරෝපා සංගමයේ පූර්ණ සහාය හිමිවන බව විශ්වාස බවයි.
The post යුරෝපා සංගමයේ නායකයන් යුක්රේනයට appeared first on ITN News.
Post a Comment