Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රසීලය සත්ත්ව සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි  

Add comments

බ්‍රසීලය සත්ත්ව සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

බ්‍රසීලයේ වනාන්තර වල වාසය කරන පක්ෂීන් අතර කුරුළු උණ රෝගය පැතිර යාමත් සමඟයි මෙම පියවර ගෙන ඇත්තේ.

ප්‍රකාශයට පත්කළ සත්ත්ව සෞඛ්‍ය හදිසි තත්ත්වය මාස 6ක කාලයකට බල පැවැත්වෙනවා.

එරට ප්‍රාන්ත දෙකකින් කුරුළු උණ වැළදුනු පක්ෂීන් 7 දෙනෙකු වාර්තා වී ඇති බව ද සඳහන්.

ශීඝ්‍රයෙන් පැතිර යන කුරුළු උණ වෛරසය පාලන කිරීම සඳහා හදිසි තත්ත්වය රුකුලක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ලොව විශාලතම කුකුල් මස් අපනයනකරුවා ලෙස බ්‍රසීලය හැදින්වෙනවා.

කුරුළු උණ වාර්තා වීමත් සමඟ එරට කුකුල් මස් කර්මාන්තයට ද අවධානමක් මතුව තිබෙනවා.

 

 

 

 

The post බ්‍රසීලය සත්ත්ව සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG