Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොලිවුඩ් නළු නිලියන් සහ තිරපිටපත් රචකයින් වසර 40කට පසු වැඩවර්ජනයක  

Add comments

හොලිවුඩ් නළු නිලියන් සහ තිරපිටපත් රචකයින් දැවැන්ත වර්ජනයක් සිදුකරන බවට නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් මේ අවස්ථාවේදී හොලිවුඩය වසා දැමිමක් සිදුකරන බවයි වාර්තා වන්නේ. එය වසර 40කට පසු හොලිවුඩයේ සිදුවන විශාලතම වසා දැමිම බවයි බී බීසී ප්‍රවෘත්ති සේවය සදහන් කරන්නේ. රංගන ශිල්පීන් හා තිර පිටපත් රචකයින් එක්ලක්ෂ හැට දහසක් පමණ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයට එක්ව සිටිනවා. ඒසමග බොහෝ නිර්මාණවල මංගල දර්ශන පවා අත්හිටුවීමට සිදුවන බවයි හොලිවුඩ් අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝර්ලන් පවසන්නේ. වැටුප් සහ ප්‍රතිලාභ ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින් මෙම වැඩවර්ජනය කැදවා තිබෙනවා. රංගන ශිල්පීන්  වෙනුව කෘත්‍රිම බුද්ධිය සහ පරිගණකයෙන් නිපදවූ මුහුනු මෙන්ම කටහඩ භාවිත නොකරන බවට සහතිකයක්ද ඔවුන් ඉල්ලා සිටින බවයි හොලිවුඩ් රංගන ශිල්පීන් පවසන්නේ.

වර්ජන ක්‍රියාමාර්ගයත් සමග ඇමෙරිකාවේ චිත්‍රපට සහ රූපවාහිනී නිර්මාණ රැසක් නතරවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මීට පෙර මෙවැනිම වර්ජන 80 දශකයේ සහ 60 දශකයේද සිදුව තිබෙනවා.

 

 

 

The post හොලිවුඩ් නළු නිලියන් සහ තිරපිටපත් රචකයින් වසර 40කට පසු වැඩවර්ජනයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG