Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 80 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

උතුරු ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 80 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය සදහන් කරනවා.

උතුරු ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ හිමාචල් ප්‍රදේශ් හා උත්තරකාන්ද් යන ප්‍රදේශයන්ටයි.

නායයාම් හා ගංවතුරෙන් සිදුව ඇති හානිය ඉන්දීය රුපියල් කෝටි තුන්දහසත් හාරදහසත් අතර වන බව එරට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසනවා.

පාලම් 40ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නායයාම් හේතුවෙන් මහාමාර්ග රැසකට හානි සිදුව ඇති බවද සදහන්.

එමෙන්ම උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට විදුලි බලය නොමැති බවයි වාර්තා වන්නේ.

සංචාරකයින් දහසකට අධික සංඛ්‍යාවක් අයහපත් කාලගුණයට කොටුවී සිටින බව බලධාරීන් පවසනවා.

 

 

 

 

The post උතුරු ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 80 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG