Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යමුනා ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළට  

Add comments

ඉන්දියාවේ දිල්ලි අගනුවර යමුනා ගගේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

අවට ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

දින ගණනාවක සිට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් නගර රැසක් ජලයෙන් යටව පවතිනවා.

දිල්ලි අගනුවර යමුනා ගංගාවේ ජල මට්ටම වසර 45 කට පසු ඉහළම අගයට ළඟා වී තිබෙනවා.

එය දැනටමත් අනතුරුදායක මට්ටම ඉක්මවා ගොස් ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ.

පසුගිය මාසයේ අග භාගයේ සිට ආරම්භ වු මෝසම් වැසි හේතුවෙන් මේ වන විට හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පුද්ගලයන් 88 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

යමුනා ගඟ අසල තාවකාලික නිවාසවල ජීවත් වු ජනතාව 2500 ක් පමණ සහන කඳවුරු වෙත යොමු කර තිබෙනවා.

ජල මට්ටම අඛණ්ඩව ඉහළ යමින් පවතිනවා.

 

The post යමුනා ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG