Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

IMF පාකිස්ථානයට ඩොලර් බිලියන 3ක ණයක් අනුමත කරයි  

Add comments

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්ථානයට ලබා දෙන ඩොලර් බිලියන 3 ක ණය මුදල සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.

මේ අනුව ඉදිරි මාස 9 ක කාලය සඳහා මුල් අදියර යටතේ ඩොලර් බිලියන 1.2 ක ණය මුදලක් ලබා දෙනු ඇති.

ණය අර්බුදය හේතුවෙන් පාකිස්ථානය දැඩිපීඩාවට ලක්ව සිටියා.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට පවා මුදල් නොමැති තත්ත්වයක් තුළ එරට රජය දැඩි විවේචනයට ද ලක් වුණා.

මීට අමතරව සෞදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවලින් මේ සතිය තුළ පාකිස්ථානයට ආධාර ලබාදීමට නියමිතව තිබෙනවා.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂීබාස් ෂරීෆ් සඳහන් කළේ ඉතා ඉක්මනින් ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට කැපවන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය අනුමත වීම සඳහා මාස 8 ක කාලයක් ගත වුණා.

 

 

 

The post IMF පාකිස්ථානයට ඩොලර් බිලියන 3ක ණයක් අනුමත කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG