Jul
13
ජී හත රටවල් යුක්‍රේනයට දීර්ඝකාලීන ආධාර ලබාදීමේ වැඩසටහනක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හා බ්‍රිතාන්‍ය , කැනඩා , ප්‍රංශ , ජර්මන් , ඉතාලි හා ජපාන නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ජී 7 සමුළුවේ දී මෙය ප්‍රකාශයට පත්කර ඇත්තේ.
එය රුසියාවට දැවැන්ත පහරක් එල්ල කරන්නක් බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
ලිතුවේනියාවේ විල්නියස් හිදීයි ජී 7 රාජ්‍ය නායක සමුළුව මෙවර පැවැත්වෙන්නේ.
ඇමෙරිකාව මේ වන විටත් ඊශ්‍රායලය සම්බන්ධයෙන් මෙවැනි යුද ආධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර වසර 10ක් ගතවන තුරු ඊශ්‍රායලයට ඩොලර් බිලියන 3.8ක යුද ආධාර ලබාදෙනවා.
The post G7 රටවල් යුක්‍රේනයට දීර්ඝකාලීන ආධාර ලබාදීමේ වැඩසටහනක් ප්‍රකාශයට පත් කරයි appeared first on ITN News.
Post a Comment