Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පසල තළ ජගම දරකතන තහනම කරමට නදරලනතය සරසය  

Add comments

පාසල් පන්ති කාමරය තුළ දී ජංගම දුරකතන ඇතුළු උපාංග භාවිතය තහනම් කිරීමට නෙදර්ලන්ත රජය සුදානම් වනවා.

පන්ති කාමරයේ අධ්‍යන කටයුතු වලට එම උපාංග හරහා සිදුවන බාධාවන් නැවැත්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි නෙදර්ලන්ත රජය පවසන්නේ.

ටැබ් පරිගණක , ජංගම දුරකතන හා ඩිජිටල් ඔරලෝසු මෙම තහනමට අයත් වනවා.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, වෛද්‍ය ආධාර අවශ්‍ය දරුවන් හා ඩිජිටල් කුසලතා කෙරෙහි ප්‍රමුඛතාවය ලබාදෙන පන්ති කාමර තුළ දී පමණක් එම උපාංග භාවිතයට අවසර හිමිවනවා.

ජංගම දුරකතන ඇතුළු උපාංග පන්ති කාමර තුළ භාවිතය තහනම් කිරීම නීතියක් ලෙස ප්‍රකාශයට පත් කර නොතිබුණ ද ඉදිරියේ දී එය නීතියක් බවට පත්විය හැකි බවයි නෙදර්ලන්ත රජය පෙන්වා දෙන්නේ.

ඩිජිටල් තිරය සමඟ ළමුන් ගත කරන කාලය අවම කිරිම හරහා ඔවුන්ගේ කුසලතා ඉහළ දැමීමට හැකි බව අධ්‍යනයකින් හෙළිව තිබෙනවා.

 

 

 

 

 

The post පාසල තුළ ජංගම දුරකතන තහනම් කිරීමට නෙදර්ලන්තය සැරසෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG