Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලව දවනත බලශකත සමගමක වන ෂල සමගමන අනතර ඇඟවමක  

Add comments

ඛනිජ තෙල් නිෂ්පාදනය කප්පාදු කිරීම අතිශය භයානක තත්ත්වයක් ඇති කළ හැකි බවට ලොව දැවැන්ත බලශක්ති සමාගමක් වන ෂෙල් සමාගම අනතුරු ඇඟවනවා.

මිල ස්ථාවර පවත්වා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ඔපෙක් සංවිධානය ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන සමාගම් වරින්වර තම දෛනික නිෂ්පාදන කප්පාදු කිරීමට පියවරගනු ලබනවා.

එම කප්පාදු කිරීම හරහා අතිශය භයානක තත්ත්වයන් ඇති විය හැකි බවටයි ෂෙල් සමාගම අනතුරු අඟවන්නේ.

එමෙන්ම එය වගකීම් විරහිත ක්‍රියාවක් බව ද එම සමාගමේ ප්‍රධානියා පෙන්වා දෙනවා.

ලොව අවශ්‍යතාවට ගැලපෙන පරිදි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් නොමැති වීම හේතුවෙන් ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් ප්‍රමාණවත් තරම් නොලැබීම ගැටලුකාරී තත්ත්වයක් උද්ගත කරන බවයි ෂෙල් ප්‍රධානියා සඳහන් කරන්නේ.

එමෙන්ම චීනයෙන් හා යුරෝපයෙන් පවත්නා ඉල්ලුම ඉහළ යාමත් සමඟ මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව ඔහු පවසනවා.

 

 

The post ලොව දැවැන්ත බලශක්ති සමාගමක් වන ෂෙල් සමාගමෙන් අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG