Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ග්‍රීසියේ රෝඩ්ස් දූපතේ ලැව්ගිනි පාලනය කිරීම අසීරු වෙයි  

Add comments

ග්‍රීසියේ රෝඩ්ස් දූපතේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් දහස් ගණනක පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.

රෝඩ්ස් දූපතේ හටගෙන ඇති ලැව්ගිනි පාලනය කිරීම මේ වනවිට අසීරු වී ඇති බවයි ගිනි නිවන අංශ පවසන්නේ.

දූපතේ පිහිටා ඇති සංචාරක නිකේතන හා නිවාසවලින් ජනතාව ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට යුරෝපා කලාපයට තාප තරංග හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර අධික සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිරීයාම වේගවත් වී ඇති බවයි වාර්තා වන්නේ.

හෙලිකොප්ටර් යානා 5ක් හා ගිනි නිවන භටයින් 200කට ආසන්න සංඛ්‍යාවක් තත්ත්වය පාලනය කිරීම සදහා යොදවා ඇති බවද සඳහන්.

 

 

The post ග්‍රීසියේ රෝඩ්ස් දූපතේ ලැව්ගිනි පාලනය කිරීම අසීරු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG