Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්පාඤ්ඤයේ මහ මැතිවරණය අද  

Add comments

ස්පාඤ්ඤයේ මහ මැතිවරණය අද පැවැත්වීමට නියමිතයි.

2018 වසරේ සිට පෙද්‍රෝ සැන්චේස් එරට අග්‍රාමාත්‍ය දුරයේ කටයුතු කරන අතර ඔහුගේ සමාජවාදී පක්ෂය හා කන්සවේටිව් පක්ෂය අතර කරට කර තරගයක් පවතින බවයි වාර්තා වන්නේ.

2018 වසරේ සිට ක්‍රියාත්මක කළ සමාජ ප්‍රතිසංස්කරණ,අර්බුද කළමනාකරණය හා ආර්ථිකය ශක්තිමත්ව හැසිරවීම යන කරුණු හේතුවෙන් මෙවරත් ඔහු අග්‍රාමාත්‍ය ධුරය සඳහා ජනතාව පත්කරගනු ඇති බවට විශ්වාසය පළකරනවා.

ගිම්හාන සෘතුවේදී ස්පාඤ්ඤයේ මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර ගණනාවකට පසුවයි.

බොහෝ ස්පාඤ්ඤ ජාතිකයින් මේ වනවිට තම නිවාඩුව ගත කිරීම සදහා වෙනත් රටවලට පිටව ගොස් ඇති බවද සඳහන්.

 

 

 

The post ස්පාඤ්ඤයේ මහ මැතිවරණය අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG