Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමබධක හමව රසයව තවත ශකතමත වන බව පටන පවසය  

Add comments

සම්බාධක හමුවේ රුසියාව තව තවත් ශක්තිමත් වන බව ජනාධිපති ව්ලැඩිමිර් පුටින් පවසනවා.

රුසියාව යුක්රේනය තුළ සිදු කරන යුද මෙහෙයුම් හේතුවෙන් බටහිර රටවල් පනවා ඇති සම්බාධකවලට තම දැඩි විරෝධය පළ කරන බවයි රුසියා ජනාධිපතිවරයා සදහන් කරන්නේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ෂැන්හැයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

පසුගිය මාසයේදි වැග්නර් කුලී හමුදාව රුසියාව තුළ කැරැල්ලක් ආරම්භ කිරීමෙන් පසු රුසියා ජනාධිපතිවරයා සහභාගී වූ ප්‍රථම ජාත්‍යන්තර සමුළුව මෙයයි.

ෂැන්හැයි සහයෝගීතා සංවිධානය තුළ ගනුදෙනු කටයුතු සිදු කිරීමේදී ඇමෙරිකා ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකකයක් භාවිත කිරීමට අවධානය යොමුව තිබෙනවා.

ඒ හරහා ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් යුරෝ ඒෂියා කලාපයට එල්ල වන බලපෑම අවම වනු ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

The post සම්බාධක හමුවේ රුසියාව තවත් ශක්තිමත් වන බව පුටින් පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG