Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රසයවන යකරනයට මසයල පරහරයක  

Add comments

රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්‍රේන බලධාරීන් පවසනවා.

යුක්‍රේනයේ කාර්කයිව් නගරය ඉලක්ක කර ගනිමින් මෙම මිසයිල ප්‍රහාරය එල්ල වූ බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරය රථවාහන නැවතුම්පලකට එල්ලවී ඇති අතර තුවාල ලැබූවන් අතුරින් 12 දෙනෙකු කුඩා ළමුන් බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ අතුරින් එක් දරුවෙකුගේ වයස මාස 10ක් වන අතර අනෙක් දරුවාගේ වයස අවුරුද්දක් බවයි විදෙස් මාධය සඳහන් කරන්නේ.

එම ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව බහුල ලෙස වාසය කරන බවද සඳහන්.

ප්‍රහාරයත් සමඟ ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව බලධාරීන් පවසනවා.

 

 

 

 

The post රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG