Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆකෂම බලගරය අපජලය බහර කරමට ජපනය ඉදරපත කළසලසමට පරමණ බලශකත ඒජනසය අනමතය  

Add comments

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අපජලය බැහැර කිරීම සදහා ජපානය ඉදිරිපත් කළ සැලැස්මට ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ අනුමැතිය හිමිව තිබෙනවා.

2011 වසරේ ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට හානි සිදු වුණා.

ඒ සමගම බලාගාරය තුළ ඝනමීටර් මිලියන ගණනක ජලය සිරව තිබෙනවා.

අපජලය බැහැර කිරීම සදහා ජපානය ඉදිරිපත් කළ සැලැස්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකළ යුතු බවයි පරමාණු බලශක්ති ඒජන්සිය පෙන්වා දෙන්නේ.

ඒ හරහා පරිසරයට විශාල හානියක් සුදු නොවන බවද එම ඒජන්සිය සදහන් කරනවා.

කෙසේ වුවද මෙම සැලැස්මට චිනය හා දකුණු කොරියාව දැඩි විරෝධයක් පළ කරන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

 

 

The post ෆුකුෂිමා බලාගාරයේ අපජලය බැහැර කිරීමට ජපානය ඉදිරිපත් කළ සැලැස්මට පරමාණු බලශක්ති ඒජන්සියේ අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG