Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දෙවන ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංවාද මණ්ඩපය ශැංහයිදී  

Add comments

දෙවන ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංවාද මණ්ඩපය ඊයේ (20) පැවැත් වුණා.

චීනයේ ශැංහයි නගරයේදී පැවති එම සංවාද මණ්ඩපය චීන මාධ්‍ය සමූහය හා ෂැංහයි නාගරික පරිපාලනය විසින් ඒකාබද්ධව සංවිධානය කෙරිණ.“විවෘතභාවය, හවුල් ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහණ – නවීකරණයේ මාවතේ අත්වැල් බැඳගෙන යාම”” එහි ප්‍රධාන තේමාවයි.

ජාත්‍යන්තර සංවිධාන, චීන සහ විදේශීය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන, බුද්ධි මණ්ඩල සහ අන්තර්ජාතික සමාගම් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයින් 230 කට වැඩි පිරිසක් මාර්ගගත සහ මාර්ගගත නොවන ආකාරයෙන් එම සාකච්ඡා මණ්ඩපයට එක් වූහ. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ද මාර්ගගත තාක්ෂණයෙන් එම සංවාදයට එක්විය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එහිදී දේශනයක් කළේය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම යන මුලපිරුම් ත්‍රිත්වයට අනුව, නවීන සංවර්ධනය සහ මානව ශිෂ්ටාචාරයේ ප්‍රවර්ධනය සඳහා එක්ව කටයුතු කිරීම, මාධ්‍ය ආයතනවල වගකීමක් බව ඔහු පැවසීය.

මාධ්‍ය සන්නිවේදන නවොත්පාදනය ප්‍රවර්ධනය කරමින් සාධාරණ, වාස්තවික, සක්‍රීය හා විධිමත් ගෝලීය මහජන මතයන්ගෙන් යුත් වේදිකාවක් පොදුවේ ගොඩනැගිය යුතුය. මාධ්‍ය සහයෝගීතාව තහවුරු කරමින් ශිෂ්ටාචාර අතර මානව සබඳතා සහ අන්‍යෝන්‍ය ඉගෙනීම් ඒකාබද්ධව ප්‍රවර්ධනය කළ යුතු අතර, මානව සමාජයේ නවීකරණය පිළිබඳ නව ප්‍රවේශයක් නිර්මාණය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බවද Shen Haixiong මහතා පවසා ඇත.

 

The post දෙවන ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංවාද මණ්ඩපය ශැංහයිදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG