Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බංග්ලාදේශ අගමැතිනියට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බලකරමින් විරෝධතා  

Add comments

බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසිනාට ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් තවදුරටත් උද්ඝෝෂණ ක්‍රියාත්මකයි.

අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉල්ලා අස් වී භාරකාර රජයකට රට භාරදිය යුතු බව විපක්ෂ විරෝධතාකරුවන් සදහන් කරනවා. එරට ජීවන වියදම සිඝ්‍රයෙන් ඉහළයාමත් සමගයි මෙම උද්ඝෝෂණ ආරම්භ කෙරුණේ. විරෝධතාකරුවන් විසුරුවා හැරිම සදහා බංගලාදේශ පොලිසිය රබර් උණ්ඩ හා කදුළු ගෑස් ප්‍රහාරයන් එල්ල කර තිබෙනවා. ඩකා අගනුවර සියලු ප්‍රධාන මාර්ගයන් විරෝධතාකරුවන්ගෙන් පිරී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

මේ අතර ඊයේ දිනයේ දී විරෝධතාකරුවන් පෙට්‍රල් බෝම්බ යොදා ගනිමින් රථ වාහන රැසකට ගිනිතබා ඇති බව ද සදහන්. 2024 වසරේ මුල් භාගයේ දී බංගලාදේශ මහා මැතිවරණය පැවැත්වීමට නියමිත අතර එය භාරකාර රජයක් යටතේ පැවැත්විය යුතු බව විපක්ෂය පවසනවා.

 

 

 

 

 

 

 

The post බංග්ලාදේශ අගමැතිනියට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බලකරමින් විරෝධතා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG