Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලිබියාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 11,300ක් දක්වා ඉහළට  

Add comments

ලිබියාවේ වෙරළබඩ නගරයක් වන ඩර්නා හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 11,300 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලිබියාවේ ඩර්නා නගරයට බලපෑ කුණාටුවත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් තවත් 10,100 දෙනෙකු පමණ අතුරුදන්ව සිටිනවා.

ලිබියාවේ වෙරළබඩ නගරයක් වන ඩර්නා වෙත බලපෑ අධික වර්ෂාවෙන් වේලි දෙකක් කැඩී යාමෙන් පසුවයි මහා ගංවතුර තත්ත්වයක් ඇති වුණේ.

ඩර්නා හි නගරාධිපති අබ්දෙල්-මොනීම් අල්-ගයිති පැවසුවේ මියගිය සංඛ්‍යාව 20,000 දක්වා ඉහළ යා හැකි බවයි.

පසුගිය ඉරිදා රාත්‍රියේ ගංවතුරින් ඩර්නා හි ඇතැම් ප්‍රදේශ වල පවුල් පිටින් ගසාගෙන ගොස් තිබුණා.

මුවම්මර් ගඩාෆිගේ බලය 2011දී පෙරලා දැමීමට පෙර ලිබියාව සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත්ව තිබුණා.

 

 

The post ලිබියාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 11,300ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG