Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලිබියාවේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 11,300 ක් දක්වා ඉහළට  

Add comments

ලිබියාවට බලපෑ ප්‍රබල ගංවතුරෙන් සතියකට පසු ආධාර ලබාදීමේ වැඩසටහන් වේගවත් කර තිබෙනවා.

ගංවතුරෙන් දිවි ගලවා ගත් තිස් දහසක් පමණ නිවාස නොමැතිව සිටින අතර ඔවුන්ට පිරිසිදු ජලය, ආහාර, නවාතැන් සහ මූලික සැපයුම් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය පවසනවා.

සුනාමියට සමාන හදිසි ගංවතුරක තර්ජනයක් ලිබියානු වෙරළබඩ නගරයක් වන ඩර්නා වෙත එල්ලවුණා. ඉන් දහස් ගණනක් මිය ගොස් සතියකට පසුව ද සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු වනවා.

මේ අතර එම ප්‍රදේශයේ කොලරාව, පාචනය, විජලනය සහ මන්දපෝෂණය වර්ධනය වීමේ අවදානමක් ඇති බවට අනතුරු අඟවා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) ප්‍රකාශ කර ඇත්තේ පුද්ගලයන් 11,300 ක් පමණ මෙම ව්‍යසනයෙන් මියගොස් ඇති බවයි. එහි දත්ත උපුටා දැක්වූ ලිබියානු රතු අඩ සඳ, වාර්තාවේ දැක්වෙන්නේ මියගිය අවසාන සංඛ්‍යාව මීටත් වඩා බොහෝ වැඩි විය හැකි බවයි.

දරුණු බලපෑම් ඇති කළ ගංවතුර ගෙන ආ ඩැනියෙල් සුළි කුණාටුවෙන් ග්‍රීසිය, තුර්කිය සහ බල්ගේරියාවට ද බලපෑම් එල්ල වුණා.

 

 

 

 

 

 

 

The post ලිබියාවේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 11,300 ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG