Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිසේරියන් සැත්කමකින් මාස 18 කට පසු උදරයේ තිබී ශල්‍ය මෙවලමක් හමු වෙයි  

Add comments

නවසීලන්තයේ කාන්තාවකගේ සිසේරියන් සැත්කමකින් පසුව උදරයේ තිබී පිඟානක ප්‍රමාණයේ ශල්‍ය මෙවලමක් සොයාගෙන තිබෙනවා.

ඒ දරුවා ප්‍රසූත කර මාස 18 කට පසුවයි.

එනම් ඇයගේ උදරයෙන් හමු වී තිබෙන්නේ Alexis retractor නොහොත් AWR උපකරණයයි.

එහි විෂ්කම්භය සෙන්ටිමීටර 17ක් වන වන අතර 2020 දී Auckland City රෝහලේ දී මෙම සැත්කම සිදුකර තිබෙන්නේ.

AWR යනු ශල්‍යකර්මයේ දී තුවාලයක දාර පසුපසට ඇද ගැනීමට භාවිතා කරන සිලින්ඩරාකාර උපාංගයකී.

අදාළ මෙම කාන්තාව මාස ගණනක් නිදන්ගත වේදනාවෙන් පෙළී තිබෙනවා.

එම උපාංගයේ කිසිදු සලකුණක් නොපෙන්වා ඇති අතර ඇය X-කිරණ ද ඇතුළුව පරීක්ෂණ කිහිපයකට භාජනය කර තිබෙනවා.

එහිදී ඇයගේ වේදනාව උග්‍ර වී ඇති අතර පසුව ඇය රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට යොමු කර තිබෙනවා.

ඉන්පසුව උදරයේ CT ස්කෑන් පරීක්ෂණයකින් උපකරණය සොයාගෙන ඇති අතර එය වහාම ඉවත් කර ඇති බවයි පැවසෙන්නේ.

 

The post සිසේරියන් සැත්කමකින් මාස 18 කට පසු උදරයේ තිබී ශල්‍ය මෙවලමක් හමු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG