රුසියාවේ වැග්නර් කුලී හමුදාව තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට බ්‍රිතාන්‍යය රජය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව තම රටේ කිසිවෙක් වැග්නර් කණ්ඩායම් වෙත සහාය දැක්වීම හෝ සාමාජිකයෙකු වීම නීති විරෝධි වනවා.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත කෙටුම්පතක් හරහා එහි වත්කම් මෙන්ම දේපළ ද රාජසන්තක කිරීමට අවස්ථාව සැලසෙනවා.
බ්‍රිතාන්‍යය ස්වදේශ කටයුතු ලේකම්වරිය පෙන්වා දෙන්නේ වැග්නර් යනු රුසියා ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ හමුදා මෙවලමක් බවයි යුක්රේනය හා අප්‍රිකාවේ වැග්නර් මෙහෙයුම් ගෝලීය ආරක්ෂාවට තර්ජනයක් බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
වැග්නර් හමුදා 2014 වසරේ දී පිහිට වු අතර එහි නායක ප්‍රිගෝෂින් පසුගිය මස 23 වනදා ගුවන් අනතුරකින් මිය ගියා.
The post රුසියාවේ වැග්නර් කුලී හමුදාව තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කෙරේ appeared first on ITN News.
Post a Comment