ලොව පුරා රටවල් රැසක නව කොවිඩ් ප්‍රභේදයක් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.
පිරෝලා ලෙස නම්කර ඇති මෙම නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් ඊශ්‍රායලය, කැනඩාව, ඩෙන්මාකය, බ්‍රිතාන්‍ය,දකුණු අප්‍රිකාව, ස්වීඩනය, නෝර්වේ, ස්විට්සර්ලන්තය හා තායිලන්තය ආදී රටවලින් හමුවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
කොරෝනා වයිරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය මෙන් පිරෝලාද ශීඝ්‍ර යෙන් ව්‍යාප්ත වන බවට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.
2021 වසරේ දී ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ලොව පුරා රටවල් රැසක ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගියා.
ඒ හේතුවෙන් පිරෝලා ප්‍රභේදයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද සියලු රටවල් තම දැඩි අවදානය යොමු කළ යුතු බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.
The post නව කොවිඩ් ප්‍රභේදයක් ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment