Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මො‍රොක්කෝවේ භූ කම්පනයකින් 296 දෙනෙකු මියයයි  

Add comments

මො‍රොක්කෝවේ භූ කම්පනයකින් 296 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මධ්‍යම මොරොක්කෝවට බලපෑ රිච්ටර් මාපාංක 6.8 ක ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 296 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව  එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනවා.

මාරකේෂ් සිට නිරිත දෙසින් කිලෝමීටර් 71 ක් දුරින් හයි ඇට්ලස් කදුකරයේ කිලෝමීටර් 18.5 ක් ගැඹුරින් මෙම භූ කම්පනය ඇති වූ බවයි ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.

භූ කම්පනය එරට වේලාවෙන්  රාත්‍රී 11.11ට ඇති වුණා.

මිනිත්තු 19 කට පසු තවත් පසු කම්පනයක් ඇතිව තිබෙනවා.

ප්‍රබල පසුකම්පන ඇතිවිය හැකි බැවින් ප්‍රදේශවාසින් තම නිවෙස්වලින් පිටත රැඳී සිටීමට කටයුතු කර තිබෙනවා.

 

 

The post මො‍රොක්කෝවේ භූ කම්පනයකින් 296 දෙනෙකු මියයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG