Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රසීලයේදී පුටින්ව අත්අඩංගුවට ගැනීමක් කිසිදු ලෙසකින් සිදු නොවන බව ලූලා පවසයි  

Add comments

බ්‍රසීලයේදී රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ව අත්අඩංගුවට ගැනීමක් කිසිදු ලෙසකින් සිදු නොවන බව බ්‍රසීල ජනාධිපතිවරයා පවසනවා.

2024 ජී 20 සමුළුව බ්‍රසීලයේ රියේදි ජෙනයිරෝ අගනුවරදී පැවැත්වීමට නියමිතයි.

ඊට සහභාගී වීම සඳහා තමා රුසියා ජනාධිපතිවරයාට ආරාධනා කරන බව බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා පවසනවා.

මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙන ජී 20 සමුළුවට පුටින් ජනාධිපතිවරයා සහභාගී වන්නේ නැහැ.

යුක්‍රේනයේ සිදු කරන යුද මෙහෙයුම් හේතුවෙන් රුසියා ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

එබැවින් පුටින් ජනාධිපතිවරයා රුසියාවෙන් පිටතදී පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවලට සහභාගී වන්නේ නැහැ.

 

 

 

 

 

The post බ්‍රසීලයේදී පුටින්ව අත්අඩංගුවට ගැනීමක් කිසිදු ලෙසකින් සිදු නොවන බව ලූලා පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG