Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍යයේ බන්ධනාගාරයකින් පැන ගිය ත්‍රස්තවාදී සැකකරු යළි අත්අඩංගුවට  

Add comments

බ්‍රිතාන්‍යයේ වැන්ඩ්ස්වර්ත් බන්ධනාගාරයෙන් පළාගිය ඩැනියෙල් කාලයිෆ් නමැති ත්‍රස්තවාදී සැකකරු යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය බදාදා දිනයේ දී ඩැනියෙල් කාලයිෆ් වැන්ඩ්ස්වර්ත් බන්ධනාගාරයෙන් පලාගියා.

බන්ධනාගාරයේ සිට සැතපුම් 14ක් පමණ දුරින් පිහිටි ස්ථානයකදී ඔහුව අත්අඩංගුවට ගත් බවයි ස්කොට්ලන්යාඩ් පොලීසිය නිවේදනය කරන්නේ.

ඔහුව යළි අත්අඩංගුවට ගැනීම සඳහා CCTV දර්ශන උපයෝගී කරගත් අතර මහජන සහාය අඛණ්ඩව ලැබුණු බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ඩැනියෙල් කාලයිෆ් හිටපු හමුදා සෙබලෙකු වන අතර සතුරු රාජ්‍යයන් වෙනුවෙන් ඔත්තු බැලීම , ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදුකරන හෝ සිදුකිරීමට සූදානම් පුද්ගලයින්ට තොරතුරු ලබාදීම හා ව්‍යාජ බෝම්බ ප්‍රහාරයන් එල්ල කිරීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේ ඔහුව සිරගත කර තිබුණා.

 

 

 

The post බ්‍රිතාන්‍යයේ බන්ධනාගාරයකින් පැන ගිය ත්‍රස්තවාදී සැකකරු යළි අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG