Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් විපක්ෂ අපේක්ෂකයා ඉදිරියෙන්  

Add comments

මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් විපක්ෂ අපේක්ෂක මොහොමඩ් මුයිසු පෙරමුණේ පසුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඊයේ පැවති මාදිවයිනේ ජනාධිපතිවරණයේ ඡන්ද ගනන් කිරීම මේ වනවිට සිදුකෙරෙනවා.

දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව 46%ක ප්‍රතිශතයක් ලබා ගනිමින් මාලේ නගරාධිපති මොහොමඩ් මුයිසු ඉදිරියෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

එරට ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලිට ලබාගැනීමට හැකිව ඇත්තේ 39%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් බවද සඳහන්.

ඉන්දියාවේ මැද්හත්වීම් සීමා කිරීම හා මාලදිවයිනේ රඳවා සිටින ඉන්දීය හමුදා කණ්ඩායම් ඉවත් කිරීම ඇතුළු චීන හිතවාදී පොරොන්දු රැසක් මොහොමඩ් මුයිසු මැතිවරණයට පෙර ලබාදුන්නා.

චීනය හා ඉන්දියාව යන දෙරටම මාලදිවයිනේ බලය සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් පසුවන අතර මෙවර චීන හිතවාදී ජනාධිපතිවරයෙක් තේරී පත්වනු ඇති බවටයි අනාවැකි පලවන්නේ.

 

 

 

The post මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් විපක්ෂ අපේක්ෂකයා ඉදිරියෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG