Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 22 යි  

Add comments

ත්‍රස්තවාදයේ බිහිසුණු බව ලොවටම තහවුරු කළ සැප්තැම්බර් 11 ප්‍රහාරය සිදු වී අදට වසර 22 ක් සපිරෙනවා.

සැප්තැම්බර් 11 හෙවත් නවයයි – එකොළහ යන නාමයෙන් හැදින්වෙන 2001 අවුරුද්දෙ සැප්තැම්බර් 11වනදා ඇමෙරිකාවේ ලෝක වෙළෙද මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 22 ක් සපිරෙනවා. විසිඑක්වන සියවයේ සිදුවූ වඩාත්ම සංවිධානාත්මක හා බිහිසුණුම ත්‍රස්ත ක්‍රියාව ලෙසයි මෙම ප්‍රහාරය සැළකෙන්නේ. කණ්ඩායම් 4 ක් ලෙස සංවිධානය වූ ත්‍රස්ත සාමාජිකයින් 19 දෙනෙක් පියාසර කරමින් තිබූ ඇමෙරිකානු මගී ගුවන් යානා 4 ක් පැහැර ගත්තා. ඒ එම ගුවන් යානා නිව්යෝර්ක් නුවර උස් ගොඩනැගිලි මත ගැටීමට සැළැස්වීමේ අරමුණෙන්.

2001 වසරේ සැප්තැම්බර් 11 වනදා ඇමෙරිකා වේලාවෙන් පෙරවරු 8.46 ට නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ උතුරු කුළුණට පළමු ගුවන් යානය ගැටීමට සැළැස්වූවා. ඉන් විනාඩි 34 කට පසු දකුණු කුළුණේ ද තවත් මගී ගුවන් යානයක් ගැටුණා. ඇමෙරිකාවේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය වන ලෝක වෙළෙද මධ්‍යස්ථානය ප්‍රහාරය එල්ල වී පැයක් ගතවීමටත් පෙර බිමට සමතලා වුණා. ලෝක වෙළෙද මධ්‍යස්ථානයට ප්‍රහරය එල්ල වී විනාඩි 26 කට පසු තවත් ගුවන් යානයක් ඇමෙරිකානු ආරක්ෂක මූලස්නථානය වන පෙන්ටගනයට කඩා වැටීමට ත්‍රස්තවාදීන් සැළසුම්කර තිබුණා. ඒ අනුව පෙරවරු 9.37 ටයි පෙන්ටගනයේ බටහිර ප්‍රදේශයට එම ගුවන් යානය කඩාවැටුනේ. කෙසේ වෙතත් පැහැරගත් 4 වන ගුවන් යානයේ ඉලක්කය වූ වොෂින්ටනයේ ධවල මන්දිරයට හෝ කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැටීමේ සැළැස්ම ව්‍යර්ථ වුණා.

ඒ එම ගුවන් යානයේ මගීන් නොසන්සුන්වීම හේතුවෙන්. මෙම ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 2,977 දෙනෙකු මියගිය අතර විසිපන්දහසකට අධික පිරිසක් තුවාල ලැබුවා. ප්‍රහාරයෙන් සිදුවූ දේපොල හානිය ඇමෙරිකා ඩොලර් බිලියන 10 ඉක්මවා ගිය බවයි පැවසෙන්නේ.

 

 

 

The post සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 22 යි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG