Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොළයේ සෛල විනාශ කරනා “නිපා” නම් දුර්ලබ ගණයේ වෛරසයක්  

Add comments

“නිපා” නම් දුර්ලබ ගණයේ වෛරසයක් පිළිබඳව ඉන්දියාවෙන්  වාර්තා වනවා.

එම වෛරසය ආසාදනයෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව එක් පුද්ගලයෙකු අගෝස්තු මාසයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා මීට දින කිහිපයකට පෙරදීයි මිය ගොස් තිබෙන්නේ.

ඔවුන් එකම පවුලේ සාමාජිකයින් වන බවත් තවත් දෙදෙනෙක් ට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙනවා.

නිපා වෛරසය හේතුවෙන් මොළයේ සෛල විනාශ වන බවයි වාර්තා වන්නේ.

එය මිනිසුන් අතර පැතිරෙන්නේ ශ්‍රාව ස්පර්ශයෙන්.

මෙ අතර ආසාදිත ඌරන් සහ වවුලන් මඟින් වෛරසය පැතිරෙන බව හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මෙතෙක් ඊට සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නැහැ.

The post මොළයේ සෛල විනාශ කරනා “නිපා” නම් දුර්ලබ ගණයේ වෛරසයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG