Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාප්තුමන් හමුවූ හොලිවුඩ් නළු සිල්වෙස්ටර්  

Add comments

අතිශය ජනප්‍රිය හොලිවුඞ් ක්‍රියාදාම නළු සිල්වෙස්ටර් ස්ලැටෝන් සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්  හමුවී තිබෙනවා.

77 හැවිරිදි හොලිවුඞ් සුපිරි තරුව, පාප්තුමන් හමුවූයේ ඔහුගේ බිරිඳ ජෙනිෆර්, දියණියන් වන සෝපි, සිස්ටීන්, ස්කාලට් සහ සොහොයුරා ෆ්රෑන්ක් ද සමඟයි.

‘මා ඔබේ සිනමා නිර්මාණ නරඹා තිබෙනවා.’ යැයි පාප්තුමන් ස්ටැලෝන්ට පවසද්දී, ස්ටැලෝන් පාප්තුමන්ට ස්තුතිය පුද කර තිබෙනවා.

ස්ටැලෝන් ඉතාලි සම්භවයක් ඇති ඇමෙරිකන් නළුවෙකි.

ඔහුගේ පියා සංක්‍රමණිකයකු ලෙස ඇමෙරිකාවට ගොස් ඇත්තේ 1930 දශකයේයි.

ස්ටැලෝන්ගේ පියාගේ උපන් නගරය ලෙස සැලකෙන්නේ ඉතාලියේ ‘ජියෝයා ඩෙල් කෝලේ’ නගරයයි.

පාප්තුමන් හමුවීමෙන් පසු එම නගරයට ගිය ස්ටැලෝන්ට සහ සොහොයුරා ෆ්රෑන්ක්ට මහ ඉහළින් පිළිගැනීමක් ද හිමිවී තිබුණා.

The post පාප්තුමන් හමුවූ හොලිවුඩ් නළු සිල්වෙස්ටර් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG