Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය ගණන 800 ඉක්මවයි  

Add comments

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය පිරිස අටසිය විස්සක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර මොරොක්කෝවට සහාය දීම සදහා රටවල් රැසක්ම සූදානමින් පසුවනවා.

භූ කම්පනයෙන් පුද්ගලයන් 672 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බරපතළ තත්ත්වයේ පසු වූ පනස් එක් දෙනෙකු රෝහල්ගත කෙරුණා. මධ්‍යම මොරොක්කෝවේ සිදු වූ මෙම භූ කම්පනය වාර්තා වුණේ රිච්ටර් පරිමාණ ඒකක හයයි දශම අටක් ලෙසටයි. ඇට්ලස් කදුකරයේ කිලෝමීටර් දහඅටයි දශම පහක් ගැඹුරින් භූ කම්පනය සිදු වූ බවයි ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ. එරට වේලාවෙන් ඊයේ රාත්‍රි එකොළහයි එකොළහට ඇති වූ මෙම භූ කම්පනයෙන් පසුව තවත් පසු කම්පන දහස්  ගණනක් ඇති වුණා. එමෙන්ම තවත් භූ කම්පන සිදුවිය හැකි බවට අනතුරු ඇගවීම්ද නිකුත් කර තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රදේශවාසින් තම නිවෙස්වලින් පිටත රැදී සිටීමට කටයුතු කර තිබෙනවා. තුවාල ලැබූ අයට ලේ දීම සදහා බොහෝ පිරිසක් පෙල ගැසී සිටිනවා. විදුලිබලය හා අන්තර්ජාල සබඳතා බිදවැටීම සහන සේවා කටයුතුවලට බාධාවක් වී තිබෙනවා.

කෙසේ වුවද මොරොක්කෝවේ ආපදාවට ලක් වූවන්ට පිහිටවීමට සදහා රටවල් රැසක්ම  ඉදිරිපත්ව තිබෙනවා. තුර්කිය සදහන් කරන්නේ මොරොක්කෝවන් පිළිතුරක් ලැබුණු සැනින් සහන සේවා කටයුතුවලට එක්වීමට 265 දෙනෙකුගේ කණ්ඩායමක් සූදානමින් තබා ඇති බවයි. එමෙන්ම කුඩාරම් දහසක් ද වෙන් කර තිබෙනවා.

 

 

The post මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය ගණන 800 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG