Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 600 ඉක්මවයි  

Add comments

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය පිරිස හයසියය ඉක්මවන බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.

භූ කම්පනයෙන් පුද්ගලයන් හයසිය තිස් දෙදෙනෙකු මියගොස් තුන්සිය විසිනව දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

බරපතළ තත්ත්වයේ පසු වූ පනස් එක් දෙනෙකු රෝහල්ගත කෙරුණා.

මධ්‍යම මොරොක්කෝවට රිච්ටර් පරිමාණ ඒකක 6.8ක භූ කම්නයක් මෙසේ සිදුව තිබෙනවා.

ඇට්ලස් කදුකරයේ කිලෝමීටර් 18.5ක් ගැඹුරින් භූ කම්පනය සිදු වූ බවයි ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ.

එරට වේලාවෙන් ඊයේ රාත්‍රි 11.11ට ඇති වූ මෙම භූ කම්පනයෙන් විනාඩි දහනවයකට පසුව තවත් පසු කම්පනයක් ඇති වුණා.

එමෙන්ම තවත් භූ කම්පන සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා.

 

The post මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 600 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG