Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්තානයේ මුස්ලිම් පල්ලියක් අසල පිපිරීමක්  

Add comments

පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ මුස්ලිම් පල්ලියක් අසල පිපිරීමක් සිදුවී තිබෙනවා.

පිපිරීමෙන් මේ වන විට පුද්ගලයන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත්තේ, නබි නායකතුමා ගේ උපන්දිනය සැමරීම උදෙසා පැවති ආගමික උත්සවයක් අතරතුර දී මෙම පිපිරීම සිදු ව ඇති බවයි.

මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට එරට පොලීසිය සැක පහළ කරනවා.

මේ වන විට එරට හදිසි තත්ත්වයක් ද නිවේදනය කර ඇති බව වාර්තා වේ.

මේ වන විට තුවාලකරුවන් එරට රෝහල් දෙකක් වෙත ප්‍රවාහනය කරමින් පවතින බව ද සඳහන්ය.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් භාරගෙන නැහැ.

The post පාකිස්තානයේ මුස්ලිම් පල්ලියක් අසල පිපිරීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG