Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රැප් ගායක ටුපක් ශාකූර් ඝාතනයට හිටපු අපරාධකල්ලි නායකයෙකුට චෝදනා  

Add comments

රැප් ගායක ටුපක් ශාකූර් 1996 වසරේදී ඝාතනය කිරිම සම්බන්ධයෙන් ඇමෙරිකා පොලිසිය  හිටපු අපරාධ කල්ලි නායකයෙකුට චෝදනා එල්ල කර තිබෙනවා.

නිව්යෝර්ක් හි උපත ලද හිපොක් ගායක ටුපක් ලාස් වේගාස් හි රිය පදවමින් සිටියදි වෙඩිපහරකට ලක්ව මිය ගියා. මේ වන විට ඔහුගේ වයස අවුරුදු 23 යි. හතර වතාවක් ටූපක්ට වෙඩි තබා තිබුණා.

ඔහුගේ ඝාතන නඩුව තවමත් විභාග වෙමින් පවතින අතර ඊයේ නොවාඩා හි මහා ජූරි සභාව හැට හැවිරිදි ඩුආන් ඩේවිස්ට මේ පිලිබද චෝදනා එල්ල කර තිබෙනවා.

ටුපක් ඔහුගේ බෑණනුවන් වන අතර කැසිනෝ ශාලාවකදී ඇති වූ ගැටුමකින් පසු ඩේවිස් මෙම මරාන්තික වෙඩි තැබීම සැලසුම් කළ බව පොලිසිය පවසනවා.

ඩේවිස් ඊයේ අලුයම ඔහුගේ ලාස් වේගාස් නිවස අසලදී අත්අඩංගුවට ගත් අතර දින කිහිපයක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරනු ඇති.

 

 

The post රැප් ගායක ටුපක් ශාකූර් ඝාතනයට හිටපු අපරාධකල්ලි නායකයෙකුට චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG