Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැපුවානිව්ගිනියාවේ නායයාමකින් විශාල පිරිසක් මිය යයි  

Add comments

පැපුවානිව්ගිනියාවේ නායයාමකින් විශාල පිරිසක් මිය ගොස්  සහ අතුරුදන්ව සිටිනවා.

නිවාස 100 කට අධික සංඛ්‍යාවක් වැලලී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පැපුවානිව්ගිනියාවේ දුෂ්කර ගම්මාන 06ක් මෙලෙස නායගොස් තිබෙනවා.

මියගිය නිශ්චිත සංඛ්‍යාව හෝ සුන්බුන් අතර කොපමණ පිරිසක් සිර වී සිටීද යන්න පිලිබද තොරතුරු මෙතෙක් තහවුරු කිරීමට නොහැකි වී ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

පස්කදුවලට යටවී ඇති පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරනවා. පැපුවා නිව්ගිනියා අග්‍රාමාත්‍යවරයා පවසන්නේ විනාශයේ හා ජීවිත හානියේ පරිමානය කොපමණ ද යන්න පිළිබද තොරතුරු පසුව නිකුත් කරන බවයි.

මෙම විශාල නාය යාමත් සමග ගස්ගල් පෙරලී ඇති බැවින් ගලවා ගැනීමේ මෙහෙයුම් දුෂ්කර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

The post පැපුවානිව්ගිනියාවේ නායයාමකින් විශාල පිරිසක් මිය යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG