Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරයට එල්ලකරන ප්‍රහාර වහාම නවත්වන්න – ජාත්‍යන්තර අධිකරණයෙන් නියෝගයක්  

Add comments

ගාසා තීරයට එල්ලකරන ප්‍රහාර වහාම නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

ගාසා තීරයට නිදහසේ ආධාර ගලාඒමට ඉඩ සැලසීම මෙන්ම දේශ සීමා හරස්මාර්ග විවෘත කරන ලෙසට ද නියෝග කර තිබෙනවා.

පලස්තීනයේ ජන සංහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කණ්ඩායම්වලට නිදහසේ තම රාජකාරි ඉටු කිරිම සඳහා ඉඩ සැලසිය යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ.

එමෙන්ම මෙම නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මාසයක් තුළ වාර්තා කරන ලෙසට ද ඊශ්‍රායලයට නියෝග කෙරුණා.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඊශ්‍රායලය කියා සිටින්නේ ආරක්ෂා වීම සඳහා ඇති අයිතිය තම රට භාවිත කරන බවයි.

එමෙන්ම ජන සංහාර පිළිබඳ චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද ඔවුන් කියා සිටිනවා.

The post ගාසා තීරයට එල්ලකරන ප්‍රහාර වහාම නවත්වන්න – ජාත්‍යන්තර අධිකරණයෙන් නියෝගයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG