Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කි ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියානු සොල්දාදුවන් 19 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

තුර්කි ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියානු සොල්දාදුවන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේදීයි මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ. සිරියා ප්‍රහාරක ජෙට් යානා දෙකකට ප්‍රහාර එල්ලකර තිබෙනවා. සිරියා රාජ්‍ය ප්‍රවෘත්ති අංශය ප්‍රකාශ කළේ එරට වයඹ දෙසින් ඇති ගුවන් සේවා මේ වන විට වසා දමා ඇති බවයි. පසුගිය සතියේ සිරියාව එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් තුර්කි භටයන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙය ඊට ප්‍රතිප්‍රහාරයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සිරියාවට එරෙහි මෙහෙයුම් දිගටම සිදුකරන බව තුර්කිය කියා සිටිනවා.

 

 

 

The post තුර්කි ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියානු සොල්දාදුවන් 19 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ප්‍රදේශ කිහිපයක් රත් වෙයි – විශේෂ අවවාදාත්මක නිවේදන ද නිකුත් කෙරේ  

0 comments

වයඹ , බස්නාහිර , සබරගමුව ,දකුණු පළාත්වල සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමු කළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා.

මෙම අධික උණුසුමට මුහුණදීම සඳහා කාලගුණ සහ සෞඛ්‍ය අංශ විශේෂ අවවාදාත්මක නිවේදන ද නිකුත් කර තිබෙනවා.

 

The post ප්‍රදේශ කිහිපයක් රත් වෙයි – විශේෂ අවවාදාත්මක නිවේදන ද නිකුත් කෙරේ appeared first on ITN News.

Read More »

ඇෆ්ගනිස්ථානයේ සිටින විදෙස් හමුදා වහාම ඉවත් කරන බව ට්‍රම්ප් කියයි  

0 comments

ඇමෙරිකාව සහ ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය අතර ඓතිහාසික සාම ගිවිසුම එළඹි පැය 24 ක් ගත වීමටත් පෙර  ඇෆ්ගනිස්ථානයේ සිටින හමුදා ඉවත් කර ගැනීම අද සිටම ආරම්භ කරන බව ඇමෙරිකා ජනාධිපලතිවරයා පවසනවා.

කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරදී මෙම ගිවිසුම අත්සන් කෙරුණා. ඒ අනුව මාස 14ක කාලයක් ඇතුළත ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකා සහ නේටෝ සංවිධානයේ ආරක්ෂක අංශ ඉවත් කිරීම සිදු කෙරෙනු ඇති. එමෙන්ම එමකාල සීමාවේදී තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථාන රජය සමඟ සාම සාකච්ඡාද පැවැත්විය යුතුයි. දින 135ක් ඇතුළත ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකා හමුදා නිලධාරීන් දහතුන් දහසෙන්  අටදහස් හයසීයක් ඉවත් කර ගැනීමට නියමිතයි. කෙසේ නමුත් ධවල මන්දිරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ තම හමුදා  වහාම ඉවත් කර ගන්නා බවයි. ඊයේ අත්සන් තැබූ ගිවිසුම පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේ කලෙයිබාන් සංවිධානය ගිවිසුම උල්ලංඝනය කළොත් ඇමෙරිකා හමුදා නැවතත් ඇෆ්ගනිස්ථානයේ ස්ථාපනය කරන බවයි.

මේ අතර ගිවිසුම හරහා ඇමෙරිකාව අත්අඩංගුවට ගෙන සිටින තලෙයිබාන් සංවිධානයේ සමාජිකයින් දහසක් මෙම අගෝස්තු මාසයේදී නිදහස් කිරීම සිදුවනවා. ඇෆ්ගනිස්ථාන රජය සතුව ද තලෙයි බාන් හමුදා රඳවා තිබෙන අතර ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රොෆ් ගානි සඳහන් කරන්නේ මෙම ගණුදෙනුවට අනුව තමන් යටතේ සිටින තලෙයිබාන් සිරකරුවන් නිදහස් කිරීමට  තම රජය පොරොන්දු වී නැති බවයි.

 

 

 

The post ඇෆ්ගනිස්ථානයේ සිටින විදෙස් හමුදා වහාම ඉවත් කරන බව ට්‍රම්ප් කියයි appeared first on ITN News.

Read More »

පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ රටට ආදරය කරන බුද්ධිමතුන්  

0 comments

පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ උගතුන් නොව රටට ආදරය කරන බුද්ධිමතුන් බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්වහන්සේ පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

කරුණා සමාධි සංවිධානය වාර්ෂිකව සංවිධාන කරන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය පූජ්‍ය රත්මලේ පුඤ්ඤාරතන ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙනුයි එම කටයුතු සංවිධාන කෙරුණේ.  මෙහිදී විශේෂ ආරාධිත දේශනය සිදු කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්වහන්සේයි.

 

 

 

The post පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ රටට ආදරය කරන බුද්ධිමතුන් appeared first on ITN News.

Read More »

අපිට අවශ්‍ය නීතියේ අවසරය ලැබෙන ප‍්‍රථම අවස්ථාවේම පාර්ලිමේන්තුව විසුරුවන්න  

0 comments

අද මධ්‍යම රාත්‍රියෙන් පසු ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිතුමාට හිමිවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

අප්‍රේල් 22 වනදායින් පසු මැතිවරණය පැවැත්විය හැකි බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

The post අපිට අවශ්‍ය නීතියේ අවසරය ලැබෙන ප‍්‍රථම අවස්ථාවේම පාර්ලිමේන්තුව විසුරුවන්න appeared first on ITN News.

Read More »

කෝමාරිකා ව්‍යාපෘතිය තුළින් විල්පත්තු වනෝද්‍යානයට බලපෑමක් නැහැ  

0 comments

රාජාංගනය කෝමාරිකා ව්‍යාපෘතිය තුළින් විල්පත්තු ජාතික වනෝද්‍යානයට කිසිදු බලපෑමක් නැති බව එම ව්‍යාපෘතියේ ආයෝජක චන්දික තාඹුගල මහතා පවසනවා. ව්‍යාපෘතිය තුළින් වනෝද්‍යානයට යම් හෝ බලපෑමක් සිදුවන්නේ නම් ඒ පිළිබද අධිකරණයට යාමට පවා තමා සූදානම් බවයි ඒ මහතා පවසන්නේ.

ඇමෙරිකා ඩොලර් මිලියන 370 ක ආයෝජනයක් සහිතව රාජාංගනය ප්‍රදේශයේ සිදුකෙරෙන කෝමාරිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ වුණා. විල්පත්තු ජාතික වනෝද්‍යානයට මේ තුළින් බලපෑමක් සිදුවන බවටයි වාර්තා පළ වුණේ. පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ද  මේ සම්බන්ධයෙන් පසුගියදා අදහස් පළ කළා.

 

The post කෝමාරිකා ව්‍යාපෘතිය තුළින් විල්පත්තු වනෝද්‍යානයට බලපෑමක් නැහැ appeared first on ITN News.

Read More »

කතරගම රක්ෂිතයක් විනාශ කරන බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනාවක්  

0 comments

කතරගම කුකුල් කටුවවැව රක්ෂිතය විනාශ කරමින් අනවසර ඉදිකිරීමකට සූදානම් වන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් දැනුවත් කළද ඔවුන් නිහඩ බවයි ජනතාව පවසන්නේ. කුකුල් කටුව වැව රක්ෂිතයේ ඉඩම් විකිනීම, මිලට ගැනීම හෝ අනවසර ඉදිකිරීම තහනම් බවට දැන්වීම් පුවරු තිබියදීත් වැව ආසන්න රක්ෂිත කලාපයේ අක්කර 03 ක පමණ භූමි ප්‍රමාණයක් කිසියම් පිරිසක් විනාශ කර තිබෙනවා. රක්ෂිතයේ මායිම්ගල් ගලවා ඉවත් කර ඇති ආකාරය දැකගත හැකියි. අක්කර අඩි 420 ක ජල ධාරිතාවකින් යුතු කුකුල්කටුව වැවෙන් ගොවි පවුල් 120ක් පමණ තම කෘෂිකාර්මික ජීවනෝපායන් සිදු කරනවා. එම රක්‍ෂිත කලාපය තුළ අනවසරයෙන් සිදු කෙරෙන ගස් කැපීමත් සමග වැව විනාශ වීමේ දැඩි අවදානමකට ද ලක්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. කතරගම ප්‍රදේශයේ සිගමනේ යෙදුණු පිරිසට ඉඩම් ලබා දී මෙම ප්‍රදේශයේ පදිංචි කර ඇති අතර මෙම තත්ත්වය හමුවේ ඔවුන් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා. තම ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට විරුද්ධව ගොවි සමිති ඇතුලු ප්‍රදේශවාසීන් කතරගම පොලීසියට පැමිණිලි කර සති 3ක් පමණ ගත වුව ද මේ වන විටත් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ගොවීන් පවසනවා. එමෙන්ම ප්‍රාදේශීය ලේකම්වරයා  දැනුවත් කිරීමට ද ජනතාව පියවර ගත්තා. එහෙත් වගකිව යුතු සියලු බලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිහඩව සිටීම විමතියට කරුණක් බවයි ප්‍රදේශයේ ගොවි ජනතාව පවසන්නේ.

කතරගම රක්ෂිතයක් විනාශ කරන බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනාවක් …

කතරගම රක්ෂිතයක් විනාශ කරන බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනාවක් …

Posted by ITNnews on Sunday, March 1, 2020

 

The post කතරගම රක්ෂිතයක් විනාශ කරන බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනාවක් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG