Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පසුගිය පැස 24 තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 24ක් අත්අඩංගුවට  

0 comments

ගෙවුණු පැය 24 තුළ ද ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

මේ අනුව ඇදිරිනීතිය කඩ කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සමස්ත සංඛ්‍යාව 1260 ක්.

The post පසුගිය පැස 24 තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 24ක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ලෝහාශ්‍රිත පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කළ 29 දෙනෙකුට කොරෝනා  

0 comments

නවගමුව,  වෑක්කෙවත්ත ලෝහාශ්‍රිත පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කළ 29 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එහි සේවකයින් 80 දෙනෙකු පමණ කර්මාන්ත ශාලාව තුලදීම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව කඩුවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රේමසිරි විජේසේකර මහතා සදහන් කළා. මෙම පිරිස අතර ඉන්දීය ජාතිකයින් කිහිප දෙනෙකුද වනවා.

 

 

The post ලෝහාශ්‍රිත පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කළ 29 දෙනෙකුට කොරෝනා appeared first on ITN News.

Read More »

PCR පරීක්ෂණ සිදුකරන මුවාවෙන් නිවසක් කොල්ලකයි  

0 comments

PCR පරීක්ෂණ සිදු කරන මුවාවෙන් කොල්ලකෑම් සිදුකරන කල්ලියක් පිළිබද  තොරතුරු හෙලි වී තිබෙනවා.

මහව කැත්තපහුව ප්‍රදේශයේ සිදුවූ එවැනි කොල්ල කෑමක් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

 

The post PCR පරීක්ෂණ සිදුකරන මුවාවෙන් නිවසක් කොල්ලකයි appeared first on ITN News.

Read More »

හික්කඩුවේ පෞද්ගලික ඉඩමක සගවා තිබූ ආයුධ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

0 comments

පොලිස් විශේෂ කාර්ය බලකාය හික්කඩුව වැල්ලවත්ත ප්‍රදේශයේ ඊයේ (29) සිදුකළ මෙහෙයුමකදී පෞද්ගලික ඉඩමක සගවා තිබූ අවි ආයුධ කිහිපයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ටී 56 වර්ගයේ ගිනි අවියක්, ඊට යොදන මැගසීනයක්, ටී 56 පතොරම් 973ක්,  ගල්කටස් වර්ගයේ ගිනි අවියක් හා ජීව අත්බෝම්බ දෙකක් ද සොයා ගැනුණු අතර අවි සහ සැකකරු වැඩිදුර පරික්ෂණ සදහා හික්කඩුව පොලිසියට භාර දී තිබෙනවා.

 

 

The post හික්කඩුවේ පෞද්ගලික ඉඩමක සගවා තිබූ ආයුධ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ඊයේ කොරෝනා රෝගීන් 586ක් – මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර 6313ක් වෙයි  

0 comments

මිනුවන්ගොඩ ඇගළුම් කම්හල සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 6313 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඊයේ දිනය තුළ පමණක් අලුතින් හදුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 586 ක්.

ඊයේ  දිනයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් අතුරින් එකසිය පහළොස් දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ. විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකුද ඊට ඇතුළත්.

සෙසු හාරසිය හැට හත් දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළදසල සහ ධීවර වරාය ආශ්‍රිතව හදුනාගත් ආසාදිතයින් වනවා. මිනුවන්ගොඩ ඇගළුම් කම්හල් කොරෝනා පොකුරේ එක් දහස් හතළිස් එක් දෙනෙකු එම ඇගළුම් කම්හල් සේවක සේවිකාවන්. සෙසු පන්දහස් දෙසීය හැත්තෑ දෙදෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් හා සමීපතමයින් වනවා.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් පන්සිය අසූ හය දෙනා අතරට ගම්පහ දිස්ත්‍රික්කයෙන් 207 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයේ 201 දෙනෙකු යාපනයේ 46 දෙනෙකු හා මොණරාගල දිස්ත්‍රික්කයේ 01 අයෙකු ඇතුළත්. එමෙන්ම ගාල්ල සහ නුවර එළිය දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 02 බැගින් ද බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 04 දෙනෙක් ද හම්බන්තොට හා කෑගල්ල දිස්ත්‍රික්කවලින් 01 ආසාදිතයා බැගින් ද රත්නපුර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 02 ද මෙසේ වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791 ක්. ඒ අතුරින්

ආසාදිතයින් 5630 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ 435 දෙනෙකු පසුවන අතර මෙතෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4192 ක්. මේ දක්වා මෙරටින් කොවිඩ් මරණ 19 ක් වාර්තා වී තිබෙනවා.

පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ද මේ වනවිට‌ කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා. ඉන් ආරක්ෂා වීමට පොලීසිය ගෙන ඇති පියවර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙසේ පැහැදිලි කළා.

 

 

 

 

 

 

The post ඊයේ කොරෝනා රෝගීන් 586ක් – මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර 6313ක් වෙයි appeared first on ITN News.

Read More »

ඇඳිරිනීති කාලය තුළ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා විවෘතව ඇති ඉන්ධන පිරවුම්හල්  

0 comments

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලය තුළ විශේෂ සේවාවන් සඳහා බස්නාහිර පළාත තුළ විවෘත කර තැබෙන ඉන්ධන හල් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

The post ඇඳිරිනීති කාලය තුළ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා විවෘතව ඇති ඉන්ධන පිරවුම්හල් appeared first on ITN News.

Read More »

කොවිඩ් තොරතුරු රැස් කරන නව “යෙදුම” (APP) ජනපතිට හඳුන්වා දෙයි  

0 comments

වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වලට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැනගත හැකි නව යෙදුමක් බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හදුන්වා දුන්නා.

කොවිඩ් ආසාදිතයින්,  ආශ්‍රිතයින්,  නිරෝධායනය, පීසීආර් පරික්ෂණ සේවා, නිරීක්ෂණ,  තීරණ ගැනීම්, ආසාදිතයින්ට ආසන්නතම ප්‍රදේශ සම්බන්ධ තොරතුරු ඇතුළු අත්‍යාවශ්‍ය දත්ත රැසක් නව යෙදුමෙන් ලබා ගත හැකියි. ජනාධිපති කාර්යාලයේදී  දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී නව යෙදුම ජනාධිපතිතුමා වෙත හදුන්වාදුන්නේ  බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධම්මිකා ජයරත්න මහත්මිය ප්‍රමුඛ කණ්ඩායමයි. අලුත් වර්ධනයන් පිලිබද තොරතුරු සෑමවිටම දැනගත හැකි අයුරින් යෙදුම සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී පෙන්වා දුන්නා.

රටපුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සංඛ්‍යාව 350 ක් . ඉන් 28 කින් කොරොනා ආසාදිතයින් වාර්තා වී ඇති බවත් සෙසු ප්‍රදේශවලට  වෛරසය පැතිරීම වැළැක්වීමට හැකි උපරිම පියවර ගෙන ඇති බවයි කාර්ය සාධක බලකායේ සාමාජිකයින් මෙහිදී සදහන් කළා.

වයිරසය පැතිරයාම වැලැක්වීමේ අරමුණින් පළමු හා දෙවන ආශ්‍රිතයින් ඇතුළු 41000 ක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි අහඹු ලෙස පීසීආර් පරික්ෂණ සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණ කළා.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් මෙම හමුට එක්ව සිටියා

 

 

The post කොවිඩ් තොරතුරු රැස් කරන නව “යෙදුම” (APP) ජනපතිට හඳුන්වා දෙයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG