Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මියන්මාරයට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 3300 ඉක්මවයි  

0 comments

පසුගියදා මියන්මාරයට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 3300 ඉක්මවා තිබෙනවා. රිච්ටර් පරිමාණ ඒකක 7.7ක භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ ගොඩනැගිලි දහස් ගණනක් හා යටිතල පහසුකම්ද සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. මෙම ඛේදනීය අවස්ථාවේ ලෝකය මියන්මාර ජනතාව සමග සිටගත යුතු බවයි ජගත් සංවිධාන මහලේකම්වරයා සඳහන් කරන්නේ. මියන්මාරයට අවශ්‍ය සහන කටයුතු සඳහා ඉදිරිපත් වන ලෙස ඔහු ලොව සියලු රටවලින් […]

The post මියන්මාරයට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 3300 ඉක්මවයි appeared first on ITN News.

Read More »

ඉරාන මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස පහත වැටේ  

0 comments

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ඉරානයේ රියාල් මුදල් ඒකකය වාර්තා ගත ලෙස පහළ බැස තිබෙනවා. ඉරානය ඊයේ (05) නිකුත් කළ විනිමය අනුපාත අනුව මේ වන විට ඩොලරයේ වටිනාකම සටහන්  වන්නේ රියාල් දසලක්ෂ හතලිස් තුන්දහසක් ලෙසයි. ඉරානය හා ඇමෙරිකාව අතර මේ වන විට ඉහළ යමින් පවතින ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් පිළිබඳ මතභේද හමුවේ මෙලෙස රියාල් මුදල් ඒකකය තවදුරටත් ඩොලරයට […]

The post ඉරාන මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස පහත වැටේ appeared first on ITN News.

Read More »

වෙළඳ යුද්ධය ඇරඹෙයි – චීනයෙන් ඇමරිකාවටත් අතිරේක තීරුබදු  

0 comments

ඇමරිකාවට අපනයනය කරන චීන භාණ්ඩ සඳහා තීරුබදු පනවන බව ඇමරිකානු රජය පසුගිය දා ප්‍රකාශ කළා. ඊට එරෙහිව දැඩි ප්‍රතිපියවර ගැනීමට චීන රජය ද පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එළඹෙන අප්‍රේල් මස 10වැනිදා සිට, වර්තමානයේ අදාළ ගාස්තු අනුපාතය මත පදනම්ව, ඇමරිකාවෙන් ගෙන්වන සියලුම ආනයනික භාණ්ඩ සඳහා චීනය 34% ක තීරුබදු පනවන බවයි වාර්තා වන්නේ. ඒ “චීන […]

The post වෙළඳ යුද්ධය ඇරඹෙයි – චීනයෙන් ඇමරිකාවටත් අතිරේක තීරුබදු appeared first on ITN News.

Read More »

එක්සත් ජනපදයේ ප්‍රධාන කොටස් දර්ශකය කඩා වැටෙයි  

0 comments

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමත් සමග එක්සත් ජනපදයේ ප්‍රධාන කොටස් දර්ශකය සියයට පහකින් කඩා වැටී තිබෙනවා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරටට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා බදු වැඩි කිරීමත් සමග ලොව පුරා ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. මෙය වෙළඳ යුද්ධයක් ලෙසටයි ජාත්‍යන්තර විශ්ලේෂකයන් හදුන්වන්නේ. නව ප්‍රතිපත්තියත් සමග බ්‍රිතාන්‍යයේ කොටස් වෙළඳපොළ ද 5%කින් කඩා වැටුණා. […]

The post එක්සත් ජනපදයේ ප්‍රධාන කොටස් දර්ශකය කඩා වැටෙයි appeared first on ITN News.

Read More »

පැපුවා නිව්ගිනියාව අසල ප්‍රබල භූමිකම්පාවක්  

0 comments

පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසනවා . එරට වේලාවෙන් අද (5) උදෑසන මෙය ඇති වී ඇති බවයි සඳහන් වන්නේ . පැපුවා නිව්ගිනියාවට අයත් එරටට බටහිරින් පිහිටි දූපතක්වන නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ මෙය සිදුව වෙනවා . එම දූපතේ අගනුවර වන Kimbe නුවරට කිලෝමීටර් 194ක් ගිනිකොන […]

The post පැපුවා නිව්ගිනියාව අසල ප්‍රබල භූමිකම්පාවක් appeared first on ITN News.

Read More »

අති‍රේක තීරුබදු පැනවීම අහෝසි කරන්නැයි චීන මෝටර් රථ කර්මාන්ත සංගමය ඇමරිකාවෙන් ඉල්ලයි  

0 comments

ආනයනික මෝටර් රථ සඳහා අති‍රේක තීරුබදු පැනවීම නතර කරන ලෙස චීන මෝටර් රථ කර්මාන්ත සංගමය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා. ආනයනික මෝටර් රථ හා ඇතැම් කොටස් කෙරෙහි 25%ක අතිරේක තීරු බද්දක් පනවන බව පසුගිය දා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඊට විරෝධය පළ කරමින් චීන මෝටර් රථ කර්මාන්ත සංගමය කියා සිටින්නේ එවන් තීරු බද්දක් පැනවීම ලෝක […]

The post අති‍රේක තීරුබදු පැනවීම අහෝසි කරන්නැයි චීන මෝටර් රථ කර්මාන්ත සංගමය ඇමරිකාවෙන් ඉල්ලයි appeared first on ITN News.

Read More »

ගතවූ පැය 24 ට ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 97 ක් ජීවිතක්ෂයට  

0 comments

උතුරු ගාසා තීරයේ අවතැන් වූ පවුල් නවාතැන්ගෙන සිටි පාසලකට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් 27 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . මියගිය පිරිස අතර ළමුන් සහ කාන්තාවන් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඒ අනුව පැය 24 කාලය තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 97 දෙනෙකු මියගොස් […]

The post ගතවූ පැය 24 ට ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 97 ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG