Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාව පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කරයි – ගෑස් සඳහා සහනාධාරයක්  

0 comments

රජය බදු අනුපාත පහළ දැමීම හේතුවෙන් ඉන්දියාව පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඉහළ යන උද්ධමනය මධ්‍යයේ ජනතාවට යම් සහනයක් ලබා දීමේ අරමුණින් මෙම පියවර ගත් බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සඳහන් කළා. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9යි ශත 50කින් සහ ඩීසල් ලීටරයක මිල 7කින් අඩුවන බවයි මුදල් අමාත්‍යවරිය සඳහන් කළේ. මෙලෙස පෙට්‍රල් සහ ඩීසල් මිල පහත හෙළීම තුළින් ඉන්දීය රජයට රුපියල් ට්‍රිලියනයක පාඩුවක් සිදු වන බවද ඇය සඳහන් කළා. මීට අමතරව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා රුපියල් 200ක සහනාධාරයක් ලබා දීමටත් ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා. ගෑස් සහනාධාරය හේතුවෙන් ඉන්දීය රජයට රුපියල් බිලියන 61 මුදලක් අහිමි වන බව ද ඇය ප්‍රකාශ කළා.

 

 

 

 

 

The post ඉන්දියාව පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කරයි – ගෑස් සඳහා සහනාධාරයක් appeared first on ITN News.

Read More »

ඉන්ධන ලබාගෙන නිවසට යමින් සිටි පුද්ගලයෙකු වන අලි ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට  

0 comments

සූරියවැව පිහිටි ඉන්ධන පිරවුම්හලකින් යතුරු පැදියට ඉන්ධන ලබාගෙන යළි නිවසට යමින් සිටි පුද්ගලයෙකු වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.

සූරියවැව මහගල්වැව ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි තුන්දරු පියෙකුයි මෙම වන අලි ප්‍රහාරයට ලක්වුණේ. ඔහු ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සූරියවැව හබරත්තවල ග්‍රාම සේවා වසමේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා වශයෙන් සේවය කළා.

ඉන්ධන හිගය හේතුවෙන් ඔහු පෙරේදා සිට ඊයේ අලුයම වනතෙක් ඉන්ධන පෝලිමේ රැදී සිටි ඉන්ධන ලබාගෙන යළි නිවසට යමින් සිටියදී මීගහජදුර ප්‍රදේශයේදීයි මෙම ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ.

 

 

 

The post ඉන්ධන ලබාගෙන නිවසට යමින් සිටි පුද්ගලයෙකු වන අලි ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඊයේ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි  

0 comments

ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වුණේ ඕස්ට්‍රේලියාවෙන්. එම සංඛ්‍යාව 46628ක්.

ගෙවීගිය පැය 24 තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් රුසියාවෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 102ක්. ඊයේ දිනයේ දී පමණක් ලොව පුරා කොරෝනා ආසාදිතයින් 603,747 දෙනෙකු හඳුනා ගත්තා. කොරෝනා මරණ 822 ක් ගෙවීගිය පැය 24 තුළ වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව මේ වනවිට ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පනස් දෙකෝටි හැත්තෑ දෙලක්ෂය ඉක්මවාගොස් තිබෙනවා. සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව හැට දෙලක්ෂය ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

The post ඊයේ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

ඇමරිකා ජනාධිපති සහ දකුණු කොරියා ජනාධිපති අතර සාකච්ඡාවක්  

0 comments

දකුණු කොරියාවේ සංචාරයක නිරත වී සිටින ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් දකුණු  කොරියා ජනාධිපති යූන් සුක් ඉයෝන් සමග ද්වී පාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.

උතුරු කොරියාව ක්‍රියාත්මක කරමින් සිටින න්‍යෂ්ටික වැඩපිළිවෙල මෙන්ම කලාපයේ සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දෙරටේ නායකයන් අදහස් හුවමාරු කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.  ඉන් පසු ඔහු ජපානයේ සංචාරය කිරීමට නියමිතයි.

දකුණු කොරියා සහ ඇමරිකා නායකයන් අතර සාකච්ඡාව පැය දෙකකට වැඩි කාලයක් පැවතුණා. ඔවුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. බයිඩ්න්ගේ ආසියා සංචාරයේ පළමු පියවර ලෙස දකුණු කොරියාවට පැමිණ තිබෙනවා.

 

 

The post ඇමරිකා ජනාධිපති සහ දකුණු කොරියා ජනාධිපති අතර සාකච්ඡාවක් appeared first on ITN News.

Read More »

“ශ්‍රී ලංකන්” සේවකයින් පෞද්ගලීකරණයට එරෙහි විරෝධතාවයක  

0 comments

ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවට විරෝධය පළකරමින් උද්ඝෝෂණයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවක එකමුතුවයි මෙය සංවිධාන කළේ. රටට ඩොලර් උපයන ආර්ථික මර්මස්ථානයක් වන මෙම ගුවන් සේවය විකුණා දැමීම අපරාධයක් බවයි විරෝධතාවට එක්වූ අන්තර් සමාගම් සේවක සංගමයේ ලේකම් ගාමිණී රණතුංග මහතා කියා සිටියේ.

The post “ශ්‍රී ලංකන්” සේවකයින් පෞද්ගලීකරණයට එරෙහි විරෝධතාවයක appeared first on ITN News.

Read More »

මිශෙල් බැචලේ ලබන සදුදා චීනයේ විශේෂ සංචාරයක  

0 comments

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිශෙල් බැචලේ ලබන සදුදා චීනයේ විශේෂ සංචාරයක නිතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයකට ලක්ව සිටින චීනය තුල ඇයගේ සංචාරය විශේෂිත බවයි විචාරකයන් පවසන්නේ. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය දින හයක කාලයක් චීනයේ සංචාරය කරනු ඇති. ඇයට චීනයේ බොහෝ ප්‍රදේශවලට බාධාවකින් තොරව ප්‍රවේශවීමට අවස්ථාව ලබා දීමට චීන බලධාරීන් පියවර ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. විගර් මුස්ලිම් ජන කොට්ඨාශය පාලනය කිරීම සඳහා චීනය අනුගමනය කරන ප්‍රතිපත්තිය මානව හිමිකම් අංශවල දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

 

 

 

 

 

The post මිශෙල් බැචලේ ලබන සදුදා චීනයේ විශේෂ සංචාරයක appeared first on ITN News.

Read More »

අගෝස්තුවේදී සිද්ධ වෙන්න පුළුවන් දරුණුම අර්බුදය ගැන අගමැතිගෙන් අනාවැකියක්  

0 comments

කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් ලබන අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

විදෙස් ප්‍රවෘත්ති නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ.

මෙහිදී ශ්‍රී ලංකාවට ණය ගෙවීමට නොහැකිවීම සම්බන්ධයෙන් තමන් ලැජ්ජාවට පත්වන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. අද ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවයට පසුගිය පරිපාලනය වගකිවයුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා. මෙහිදී මාධ්‍යවේදියා ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියා. ඒ සදහා මත දෙකක් පවතින බවයි ඊට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ. නීතියට අනුව එය කළ හැකි වන්නේ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමෙන් බව  ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ. ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව තමා කිසිවක් සඳහන් නොකරන බවද මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

මේ අතර අද අලුතින් පත් වූ වෙළෙද වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ වහාම ආහාර හිගයට පිළියම් සෙවීම සදහා කමිටුවක් පත් කරන ලෙසයි.

 

The post අගෝස්තුවේදී සිද්ධ වෙන්න පුළුවන් දරුණුම අර්බුදය ගැන අගමැතිගෙන් අනාවැකියක් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG