නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් වේයන්ගොඩ උසස් තාක්ෂණ ආයතනයක සිසුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තාක්ෂණ ආයතනයේ පළමු වසර සිසුන් දෙදෙනෙකුට නවක වදයදීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනූවයි. වේයන්ගොඩ පොලිසිය පරික්ෂණ ආරම්භ කළාෙ
නවක වදය ලබාදීමට එරෙහි වු පළමු හා දෙවන වසරේ සිසුන් පිරිසකට තවත් සිසුන් පිරිසක් පහරදී තිබෙනවා. පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ සිසුන් පිරිසක් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වේයන්ගොඩ පොලිසිය සඳහන් කළේ.
පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 11 දෙනා අත්තනගල්ල මහේස්ත්රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
Post a Comment